2023 වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කළා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබෙනවා

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබෙනවා