පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද දින කිහිපයක වෙනසක් සිදුව තිබේ.

ඒ අනුව අප්‍රේල් 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද දිනයන් 24, 25 යන දිනයන්වලට කල් දැමූ බව මැතිවරණ කොමිසමේ සභාපති දන්වා සිටියි.

මේ අතර අදාළ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් ලෙස මීට පෙර නම් කර තිබූ අනෙකුත් දින දෙක වන 28 සහ 29 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පරිදිම පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබන 21 වනදා පළාත් පාලන ආයතන 112 ක් සදහා තැපැල් ඡන්ද පත්‍රිකා 232,558 ක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

පසුගිය 07 වනදා වන විට පළාත් පාලන ආයතන 113 කට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා 1 87,345 ක් සහ පසුගිය 10 වනදා වනවිට පළාත් පාලන ආයතන 105 ක් සදහා තැපැල් ඡන්ද පත්‍රිකා 211,904 ක් නිකුත් කර තිබේ.

එමෙන්ම පෙරේදා වන විට පළාත් පාලන ආයතන 9 ක් සදහා තැපැල් ඡන්ද පත්‍රිකා 16,688 ක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේ​ය.