ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ප්‍රංශය සහ ශ්‍රී ලංකාවට පොදු වගකීම් සහ අවශ්‍යතා ඇති බව ප්‍රංශ තානාපති Jean-François Pactet පවසා ඇත.

1948 නිදහස ලැබීමෙන් පසුව සිට ආරම්භ කෙරුණු දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

එමෙන්ම ප්‍රංශයට ඉන්දියන් සාගරයේ විදේශීය භූමි ප්‍රදේශ ඇති බව ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව ප්‍රංශයේ ආර්ථික කලාපයට ඉන්දියන් සාගරයෙන් 30%ක් අයත්වන බව ද ඔහු පවසා තිබේ.