පැරිසියේ සිට බටහිරට, උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී දුම්රිය මාර්ග ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

2024 ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය ආරම්භවීමට පැය කිහිපයක් තිබියදී ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයක් වල එම ගිනි තැබීම් වාර්තා වෙයි.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ලවී ඇති අතර දුම්රිය මගීන් 800,000ක් පමණ ඉන් අපහසුවට පත්ව ඇත.