ග්‍රාමීය තරුණ ප්‍රජාව ඉලක්කරගත් තරුණ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ (YDC) පළමු ආසන බලමණ්ඩලය පිහිටුවීම එහි නායක කේ. අර්ජුනගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ නගරයේදි සිදුවිය.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වූ අතර එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ආසන සංවිධායකයන් තෝරා ගැනීමට ඔවුන්ගේ ප්‍රතිත්ති මූලික කොටගෙන මැතිවරණයක් හරහා සිදු විය.

එහිදී ඡන්ද 1,348ක් ලබා ගනිමින් ලදුර්ෂන් වෙල්ලසාමි ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන සංවිධායක ධූරයට පත් විය.

ඉදිරි මාස තුන තුල මැතිවරණ ක්‍රමය හරහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ ආසන බලමණ්ඩල 100ක් පිහිටුවිමට බලාපොරොත්තු වන බවත් තලවකැලේ ආසනය අසීලාචාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොතබන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ පක්ෂ නායක කේ. අර්ජුන බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.

එසේම දේශපාලකයන් විසින් රටේ කළ විනාශය නැවත නොවන්නට, තරුණ පරපුරට ඉඩ නොතබන බවත් ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.