ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර් ඇත.

විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව අධිකරණ ඇමති  විජේදාස රාජපක්ෂ පවසා තිබේ.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කර ඇත.

මෙම කෙටුම්පත  අදාළ පාර්ශවකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව ගැසට් කර ඇති   බැවින් එය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද  රජයෙන් ඉල්ලිමක් කර තිබිණි.

නිර්මාණි ගුණරත්න