පසුගිය දිනවල පැවති වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇගවීම අද (18) දින සවස 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ හසළි හේමසිංහ පවසනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවර එළිය සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, ඇළපාත, කුරුවිට, කිරි ඇල්ල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.