අද (29) ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව තිබෙනවා.

මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම ප්‍රමාදය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය කඩිනමින් යථාතත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.