ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් විය. එහිදි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක්ද කමිදු මෙන්ඩිස් ලකුණු 40ක්ද දුනිත් වෙල්ලාලගෙ ලකුණු 39ක්ද රැස් කිරිමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. ඉන්දීය ඉනිම වෙනුවෙන් ප්රවේගකාරි පිතිකරණයක නිරත වූ ආරම්භ පිතිකරු රොහිත් ශර්මා ලකුණු 64ක් රැස් කලේය. ඊට අමතරව අක්ෂාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක්ද රැස් කිරිමට සමත්විය.
ඒ අනුව දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
මෙම තරඟයේදි ඉන්දීය ඉනිම සුණු විසුණු කරමින් ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ඒමට සමත්කම් දැක් වූ අතර වැන්ඩර්සේගේ මෙම පන්දු යැවීම (6/33) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දුව යැවීම ලෙසින් වාර්තා අතරටද එක්විය.
කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේද ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) වීමත් විශේෂත්වයකි.