ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.
එම අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් විසින් මාවනැල්ල හෙන්මාතගම ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබේ.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාගත් ලියාපදිංචි සහතිකය කල් ඉකුත්ව තිබියදී එම තොරතුරු ව්‍යාජ ලෙස යොදා ගනිමින් අදාළ පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇති බව හෙළිව තිබේ.
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිලිලීටර් 500 ජල බෝතල් 1,904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාර ජල බෝතල් 576ක් හා ලීටර් 19 ජල බෝතල් 34ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන බැවින් අදාළ ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවය.