ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්ව​න රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගම​යේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය කියා සිටියේ  ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බවත්, එහි බලපෑම ඇතිවන්නේ අනාගතයේදී බවයි.

තමන්ගේ දරුවන්ගේ සබන් භාවිතා කිරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් භාවිතා කරන ලෙස එතුමිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා .