ප්‍රවීණ මාධ්‍යවේදි සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 59 වැනි වියෙහි පසුවුණා

වර්තමානය දක්වාම ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවා පාලක, හා ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක ලෙස කටයුතු කරමින් සිටි මෙතුමා හඬකැවීම් ශිල්පියෙකු හා ගේය පද රචකයෙකු ලෙස ද ප්‍රසිද්ධය.

ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස රාජ්‍ය සම්මාන හා “ස්ලිම් නීල්සන්” ජනතා සම්මානයන්වලින් පිදුම් ලැබූවෙකි.