ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට ජාත්‍යන්තර තරඟ වලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම් සිදුකිරීමට ඉල්ලිම් පැමිණ ඇති අතර ඒ පිළිබදව ප්‍රමාදයකින් තොරව දූෂණ මර්දන ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා

තරඟ පාවාදීම් සිදුකිරීමට ඔහුට පැමිණි ඉල්ලිම් වලට අදාළ පණිවිඩ ද ඔහු විසින් මකා දමා ඇති බව වාර්තා වේ

කෙසේ නමුත් අදාළ චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට ඔහු හට 2024 අගෝස්තු 06 සිට දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා