එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමගේ සහාය ලබා දෙන ජනපති අපේක්ෂයා පිළිබඳව ප්‍රසන්න රණතුංග විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා

එම ලිපියේ සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි

එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ප්‍රසන්න රණතුංග අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබෙනවා

එසේ වුවත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බවත් තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බවත් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

සම්පූර්ණ ලිපිය පහතින්