ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානය සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 48ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා හෙට දිනයේදී කඩුලු 07ක් අතැතිව තවත් ලකුණු 83ක් රැස් කළ යුතුයි.

කඩුල්ලේ රැඳී සිටින ඉමාම් උල් හක් ලකුණු 25ක් සහ නායක බාබර් අසාම් ලකුණු 06ක් ලබා සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 17කට කඩුලු 02ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 279ක් ලබාගත් අතර ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හිමි විය.

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීද ලකුණු 82ක් රැස් කළේය. ඊට අමතරව නිශාන් මධුෂ්ක ලකුණු 52ක්ද සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළහ.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී නොමාන් අලි ලකුණු 75කට කඩුලු 03ක්ද, අබ්‍රාර් අහමඩ් ලකුණු 68කට කඩුලු 03ක්ද දවාගත්හ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312ක් රැස් කළ අතර පිළිතුරු ලෙස පාකිස්ථානය ලකුණු 461ක් රැස්කළේය.

හෙට තරගයේ පස්වැනි සහ අවසාන දිනයයි.