ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ රාත්‍රියේ පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේදී පැවැත්විණි. එම තරගයෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම අද උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ අනිද්දා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට සහභාගි වීම සඳහාය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අනිද්දා (02) සවස 03.00ට දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ආසියානු කුසලානයට සහභාගි වීම සඳහා ඉන්දියානු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය.