පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පත් කර තිබේ.

ඔහුගේ පළමු වගකීම වනුයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙසැම්බර් 14 සිට ජනවාරි 7 දක්වා ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය සහ නවසීලන්තයට එරෙහිව ජනවාරි 12 සිට 21 දක්වා නවසීලන්තයේ පැවැත්වෙන තරග පහකින් යුත් T20 තරගාවලිය සඳහා ජාතික සංචිතය තෝරා ගැනීමයි.