පාකිස්ථාන ඉතිහාසය තුළ සිය ණය වාර්තා බිඳ දමමින් සර්වකාලීන ඉහළ ම ණය අගයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර​යි.

එර​ට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ පාකිස්ථානයේ රාජ්‍ය බැංකුවේ දත්තවලට අනුව, 2024 අගෝස්තු මාසය අවසන් වන විට මධ්‍යම රජයේ ණය රුපියල් ට්‍රිලියන 70.362 දක්වා ඉහළ ගොස් ඇති අතර එය රටේ ඉතිහාසයේ ඉහළම මට්ටම සනිටුහන් කරන බවයි.

එම වාර්තා අනාවරණ කරන පරිදි 2023 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා කාලය තුළ පාකිස්ථානයේ රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 6.39කින් වැඩිවී ති​බේ.

2024 අගෝස්තු වන විට පාකිස්ථාන ෆෙඩරල් රජයේ දේශීය ණය පමණක් රුපියල් ට්‍රිලියන 48.39ක් ලබා ගෙන ඇති අතර විදේශ ණය වශයෙන් රුපියල් ට්‍රිලියන 22.02ක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.