පාකිස්ථානයට ඩොලර් බිලියන 1.3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය පළ කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙරට අතර උද්ගත වූ අර්බුධය ඊට හේතුව බව එම මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී පාකිස්ථානයට ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය කළ කරනු ඇතැයි පැවසෙයි.
පාකිස්ථානය ත්‍රස්තවාදයට සහාය දීම, ඉන්දියාව සිය විරෝධයට හේතු ලෙස දැක්විය හැකි බව සදහන් වන අතර, සංවර්ධනය පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් සඳහන් කරන්නේ, අසල්වැසි රට විසින් ත්‍රස්තවාදයට සහාය දීම සඳහා ණය ලබා ගන්නා බව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ඉන්දියාව ප්‍රකාශ කරනු ඇති බවයි.
එළඹෙන මැයි 9 වැනි දා පැවැත්වීමට නියමිත IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී පකිස්ථානය සඳහා යෝජිත ඩොලර් බිලියන 1.3ක ණයක් සමාලෝචනය කිරීමට සූදානම් වන අතර එම රැස්වීමේදීම, දැනට පවතින ඩොලර් බිලියන 7ක ඇපදීමේ පැකේජයට බැඳී ඇති ප්‍රතිපත්තිමය කැපවීම් පිළිබඳ පාකිස්ථානයේ ප්‍රගතිය ද තක්සේරු කරනු ඇත.
