පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් අද සමගි ජන බලවේගය හා එක්විය.

ඒ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හොටලයේ අද (14) පැවැති උත්සවයකදීය.

පාඨලී චම්පික රණවක 2020 මහමැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ද සමගි ජන බලවේගය නියෝජනය කරමිනි.