අද (27) උදෑසන මිදිගම – මඩවල – පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම පාසල අසළ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකොට වෙඩික්කරුවන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි

කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි