පසුගියදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජයගත් ජස්වර් උමාර් මහතා සභාපති ධුරයේ වැඩ ආරම්භ කළේය. මීට අමතරව පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරුන් ඇතුළු විධායක කමිටුවේ නිලධාරීන්ද එහිදී සිය ධුරවල වගකීම් ආරම්භ කරනු ලැබීය.

මෙවර පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වුණේ ලෝක පාපන්දු සම්මේලනයේ නිර්දේශවලට අනුවයි.

මෙහිදී ජස්වර් උමර් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව පුරා ඇති පාපන්දු ලීග්වලට මුදල් වෙන් කරමින් එම ලීග් ශක්තිමත් කරන බවත්, පාසල් පාපන්දු ක්‍රීඩාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටද සැලසුම් කර ඇති බවත්ය. අලුතින් පත්වූ නිලධාරී මණ්ඩලයේ නිල කාලය වසර 04කි.