ඔස්ට්‍රේලියාවේ පාපැදි ක්‍රීඩිකා මෙලීසා හොස්කින්ස් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය සිය ස්වාමි පුරුෂයා සමග ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්වන විට ඇය 32හැවිරිදි වියේ පසු විය. ඇය දෙවරක් ඔලිම්පික් නියෝජනය කර ඇති අතර, හිටපු පාපැදි ලෝක ශූරියක්ද වේ.

අනතුරුදායක රිය පැදවීම යන චෝදනා මත හොස්කින්ස්ගේ ස්වාමිපුරුෂයා වන රොහාන් ඩෙනිස් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.