දැනට ආරම්භ කර ඇති සහ සංවර්ධන කටයුතු අවසන් කර නැති මහා මාර්ග සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සැරසෙයි.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ එම ණය මුදල ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු සූදානම් කර ඇත.

එම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 68.5ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඉන් ඩොලර් මිලියන 8.5ක් ශ්‍රී ලංකා රජය මගින් දැරීමට නියමිතය.

ඊට අදාළ ගිවිසුම ට අද (28) අත්සන් තබා තිබේ.