පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිගොස් ඇති බව වාර්තා වේ.
එහිදී එක් සේවකයකු විසින් අනෙක් සේවකයාට පිහියකින් ඇනීමට උත්සාහ කර තිබෙන බවත් කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මෙසේ දුරදිග ගොස් ඇති බවත් ආරංචි මාර්ග පවසයි,
බහින් බස්වීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකාට පහරදීමක් ද සිදු කරගෙන ඇති අතර පොලිසිය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මැදිහත්වී ගැටුම සමථයකට පත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලැබී ඇති පැමිණිලි මත පරීක්ෂණ ක්රියාත්මක බව වාර්තා වේ