පාර්ලිමේන්තුවේ සිදුවන පිල් මාරුව ඔලිම්පික් උළෙලේ කෙටි දුර සහ දිගු දුර පැනීම් වලට වඩා එහා ගිය පැනිලි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය පවසයි. ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් ඇය මෙ බව පැවසුවාය.

එහිදී ඇය කියා සිටියේ, පැරිස් හි පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් ගියහොත් පදක්කම් ගැනීමට තරම් හැකියාවක් තිබූ බවයි.

එමෙන්ම මෙම පාලකයින් මේ මොහොතෙත් කටයුතු කරනුයේ තමන්ගේ පාලනය පවත්වාගෙන යාමට කුමන අයුරකින් හෝ තව ටික කලකට පාලන බලයේ රැඳීමට උත්සහා කිරීමක් බව ඇය පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට සහාය දෙන පිරිස් ගැන කිසිදු වගකීමක් රනිල් වික්‍රමසිංහට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් ගම්‍ය වන්නේ ඔහු එම කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි.