අද (25) උදෑසන 05.30ට පමණ පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා

රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබුණි.

අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැත.

පසුව යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි.