ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (27) නිකුත්කොට තිබුණි.