2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන රජය විසින් ප්‍රදානයක් ලෙස මෙය ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවන අතර එයින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් බව එම නිවේදනයේ සඳහන්.

මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන තොගය නොවැම්බර් මස 21වන දිනත්, තෙවන තොගය දෙසැම්බර් මස 20වන දිනත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වනවිට චීන රජය විසින් තහවුරු කර තිබෙනවා.