2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වුණි.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.