අවුරුදු 12ත් 18ත් අතර පාසල් ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2024දී ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඒ අනුව මූලික වැඩසටහනක් ලෙස පාසල් ශිෂ්‍යාවන් ලක්ෂ 3කට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2024දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දුෂ්කර, අතිදුෂ්කර, පළාත් පාසල් ලෙස බෙදා මෙම මූලික වැඩසටහන ආරම්භ කරන බව ද, ඒ සඳහා රජයේ මුදල් ප්‍රමාණයක් ද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසා ඇත.