සියලු ම පාසල් සිසුන්ට දිවා ආහාරය නොමිලේ ලබා දීමට ප්‍රතිපාදන සලසා ගැනීමේ අරමුණින් ප්‍රංශ රජය ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත.

ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එම සාකච්ඡාවලට උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවත් ඒ අනුව 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට නොමිලයේ පාසල් දිවා ආහාරය ලබා දීමට හැකිවන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විට සාකච්ඡා කළ පාර්ශවවලින් සාධනීය ප්‍රතිචාර ලැබී තිබෙන බව ත්, මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාමට උපරිම උත්සහය ගන්නා බව ත් හෙතෙම ප්‍රකාශ කර ඇත