13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයකු පසුගිය 28 වැනිදා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා විසින් 2024 මාර්තු මස 09 වැනිදා සිය උපකාරක පන්තියට පැමිණි සිසුවිය පන්තිය අවසාන වීමෙන් පසු මෝටර් රථයක නංවාගෙන ඉහළ මල්වත්තාවෙල ප්‍රදේශයට කැඳවා ගෙන ගොස් මෝටර් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබෙන අතර මේ පිළිබදව කිසිවෙකුට නොපවසන ලෙස සිසුවියට තර්ජනය කොට ඇති බවද සදහන්

ඒම සිද්ධියෙන් පසු දැරිය පාසලට පැමිණීම අඩුවී තිබෙන අතර ඒ පිළිබඳව පන්තියේ වෙනත් ගුරුවරියක විමසීමේදී සිද්ධිය පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයේ වැල්ලවාය පොලිසියේ ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු තිබෙනවා

මෙම ගුරුවරයා වැල්ලවාය නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන බව සඳහන්.

කෙසේ නමුත් අත්අඩංගුවට සැකකාර ගුරුවරයා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.