පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසා ඇත.

එලෙස ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කළ හොත් රටේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ හරහා ඉදිරියේදී තවත් බලවත් රටවල් ශ්‍රී ලංකාව පීඩනයට පත් කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.