ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ දින කිහිපයක් තිස්සේ පැවති තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා

කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකිවූ බව ජනතාව පැවසා සිටියා .

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතුණා .

ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමගයි

කෙසේ වෙතත් දිනකට බලපත් දහසක් නිකුත් කිරීමට බලධාරීන් පෙරේදා පියවර ගත් අතර දින කිහිපයක් තිස්සේ පෝලිම්වල රැඳීසිටි ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පැමිණීමේ පිළිවෙලට ටෝකන් ලබාදීම සිදුකිරීමට පොලීසිය එදින කටයුතු කර බව සදහන්