පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ ඇතිවූ නායයෑමෙන් නිවාස 1000 කට අධික සංඛ්‍යාවක් යටවී විනාශ වී තිබෙනවා

නායයාමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 300 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසනවා.

පීඩාවට පත් ගම්මාන වෙත ළඟා වීමට හදිසි සේවාවන්ට දුෂ්කර වී ඇති බැවින් සහන සේවා කටයුතු තවදුරටත් පමාවී ඇත.

සුන්බුන් අතර සිරව සිටින ජනතාව සොයා සහන නිලධාරීන් කටයුතු කළත්, ප්‍රධාන මාර්ගවලට හානි වී අධිවේගී මාර්ග ප්‍රවේශය අවහිර වී ඇති නිසා හෙලිකොප්ටරයකින් පමණක් ප්‍රදේශයට ප්‍රවේශ විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රතිචාර කණ්ඩායම් කිහිපයක් හුදකලා වූ නාය ගිය ස්ථානයට ළඟා වී ඇති බවද සදහන්