නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ විදේශීය පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ.

නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.

අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි ඔහු දැක්වූයේ මෙවන් අදහසක්

“ඒක ලස්සන අත්දැකීමක්. මම පහළට පනිනකොට පැරෂුට් එක දෝෂයකට ලක්වුණා.මම ඒ වෙලාවේ මට පුලුවන් උපරිමය කරා. මම වැටුනා ඒත් එක්කම කට්ටිය මාව මෙහෙට අරගෙන ආවා.”