පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා

දින 16ක් පුරා පැවති ඔළිම්පික් උළෙලේ රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් තරගවැදුණා.

කෙසේ නමුත් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය පරදා අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට ඇමරිකාව සමත් වුණා

ඒ අනුව ඇමරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තා.

දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනු ලැබුවා

තුන්වැනි ස්ථානය ජපානය සතුවුණා

සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණි අතර එහිදි ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණා

අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළා

34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය ඇමරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය ඇමරිකාවට භාර දෙනු ලැබුවා