කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව පොලිසිය පවසයි.

අද උදෑසන සිදු වූ මෙම අනතුරෙන් 20 දෙනෙකු කහවත්ත මූලික රෝහලට ද 7 දෙනෙකු රත්නපුර රෝහලට ද ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගෙ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට පැමිණිම නිසා ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ කිරිමේදි එම අවස්ථාවේ මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් සඳහන් කළේ තුවාලකරුවන් අතර බස් රථයේ මගින් මෙන්ම ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ද සිටින බවයි.