පසුගිය 18 වනදා පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට තැත් කර ඇති අතර එම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඊයේ (19) උදෑසන මියගොස් තිබෙනවා

එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.