ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වූ පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාසය පසුගිය දා පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

ඇය හිමිකාරිත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක්, සහ ඇගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජූලි මස 5 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිය භාරයට ගත් BMW වර්ගයේ මෝටර් රථයක් ඇය විසින් මිල දී ගෙන ඇති බවට අනාවරණය වීමත් සමග එය මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය ගැනද නිලධාරීන් ඇගෙන් ප්‍රශ්නකර ඇති බව සඳහන්.

ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පසුගිය දා විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඇය පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.