චීන අපරාධ කල්ලි වෙනුවෙන් ඔත්තු බලන බවට චෝදනා එල්ල වී ඇති පිලිපීනයේ බම්බන් නගරයේ නගරාධිපතිනි ඇලිස් ගුවෝ අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඇයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන වීමර්ශන සඳහා පිලිපීන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හමුවට පැමිණීම ද නගරාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් පසුගිය සෙනසුරාදා පියවර ගෙන ඇති අතර නගරාධිපතිනි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් ඇයගේ කාර්යාල හා නිවාස ලිපිනයන්ට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇය එම ස්ථාන වල නොසිටීම හේතුවෙන් ඇයව සොයා මෙහෙයුමක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව සදහන්
.