අද (09) පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක් කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී  පීලිපැන තිබෙනවා .

දුම්රිය මැදිරි දෙකක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ හේතුවෙන් ගාල්ල දෙස සිට ධාවනය වන දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කෙරෙන බව සදහන්

කෙසේවෙතත් මේ දක්වාත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බව වාර්තා වෙයි.