සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තමන් අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා බදුල්ලේ පැවති එක්ව ජයගමු රැස්විමේදීයි.
හිරුනිකා ප්‍රේමචන්ද්‍රට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත්ට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු සදහන් කර ඇත.
මේ රටේ දේශපාලනය පාලනය කරන්නේ පෞද්ගලික නාලිකා බව පැවසු හරීන් ප්‍රනාන්දු, හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාදී පෙන්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා කිසිවෙකුටත් යටත් නොවන පුද්ගලයෙක් ලෙස තමන් පිලිගන්නා බව වැඩිදුරටත් සදහන් කරයි.