මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකරණය කළ යුතු බව නාමල් උයනේ වනවාසී රාහුල හිමියන් පවසයි.

රාහුල හිමියන් සඳහන් කළේ සිගිරියට යන සංචාරකයින් හට සනිපාරක්ෂක පහසුකම්වත්, වාහන නැවතීමට පහසුකම්වත් හරියට නොමැති වුවද කෝටි ගණනින් ටිකට් කඩන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“දෙස් විදෙස් සංචාරකයෝ යන පූජනීය ස්ථාන හැර, සංචාරක ස්ථාන පවා පෞද්ගලිකකරණය කළ යුතුයි. සීගිරියට යන සුද්ධන්ට හරියට වැසිකිලි පහසුකමක්වත් නෑ, කෝටි ගණනින් ටිකට් කඩනවා, ඇත්ත කථාව ඒක, වාහනයක් නවත්වන්න තැනක් නෑ.රට වටේම සුද්දන්ගේ ඉහ මොළ හූරාගෙන කන තත්වයක් තියෙන්නේ. සුද්දෝ එන්නේ හෝටල් වල ගිහින් සැප විඳලා ෆන් අරන් යන්න නෙමෙයි. මේ රටේ තියෙන පාරිසරික, ‌ඓතිහාසික, භූවිද්‍යාත්මක තැන් බලන්න එන්නේ. ඒ මිනිස්සුන්ට ආකර්ෂණයක් වෙන විදිහට සංචාරක අමාත්‍යංශයට, සංචාරක මණ්ඩලයට වගකීමක් තියෙනවා ඒ අවශ්‍යය කරන දේ කරන්න.සුද්දා ගෙනාපු මුදල් හොරකම් කරනවා නෙමෙයි නිසි විදිහට පහසුකම් සලසලා, ඒ මිනිස්සුන්ගේ හිත සංතෝෂ කරලා අරින්න ක්‍රමවේදයන් හදන්න ඕන. මේ රට ගොඩනගන්න නම් නාස්තිය, දූෂණය,වංචාව අවම කරන්න අවශ්‍යයි.අනවශ්‍යය දේශපාලන ඇඟිලි ගැසීම්, ආයතන වලට දේශපාලන ගෝලයෝ පිරවීම් මේවා නතර කළ යුතුයි. ඒ අයට විදේශීය රටවල රැකියා ලබා දෙන්න කටයුතු කරන්න ඔ්න.මේ ක්‍රමය වෙනස් විය යුතුයි.එහෙම වුණොත් රට ගොඩනගන්න පුලුවන්.එහෙම නැත්නම් මොන දේශපාලඥයා ආවාත්. කවුරු ජනාධිපති වුණත්, කොයි පැත්ත ආවත්, ජනාධිපතිවරණයෙන් පස්සේ ලබන අවුරුද්ද වෙන කොට මිනිස්සුන්ට කන්න නැතිව බෙල්ල වැල දාගන්න වෙනවා.මේ රටේ ජනතාව තමන්ගේ මිනී වලට හෙන ගහන විදිහේ වැඩ නොකර, තමන් හදපු දරුවන් වෙනුවෙන් කල්පනා කරලා තීන්දු තීරණ ගනියි කියලා මම හිතනවා”

අද (24) පෙරවරුවේ නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව පවසා ඇත.