පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 2,500ක්ව පැවති  දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට  තීරණය කර තිබෙනවා.

පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සදහන් ,

මේ වනවිට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් ලෙස 34,000ක් පමණ පිරිසක් කටයුතු කරනු ලබනවා.