පොදුජනතාවගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් පොදුජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (11) ගාල්ලේ ඇල්පිටියේ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමින් එතුමා මේ පිළිබදව පවසා සිටියා

වත්මන් ජනාධිපතිවරයාගේ නම ඉදිරිපිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කියන නම එකතු වන බවත් එවැනි අනුප්‍රාප්තික කියන කොටසක් තමාගේ නම ඉදිරිපිට දමා ගැනීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා .

එමෙන්ම රජයට ගොවියාට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න බැරි නමුත් සැනකෙලි පවත්වන බවත් එවැනි සැනකෙලිවලින් බොරැ උත්සවවලින් වැඩක් නොවන නිසා බිම් මට්ටමින් සංවර්ධන වැඩ ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැදී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් තවත් පිරිසක් ඊර්ෂ්‍යාව වෛරය කුහකකම් තමන්ගේ ප්‍රමුඛ දේශපාලන වැඩපිළිවෙළ ලෙස නිර්මාණය කර ගෙන රට තවදුරටත් විනාශ කරන්න උත්සාහ දරන බවත් එළබෙන ජනාධිපතිවරණයේ දී ජය ගෙන ජනසවියෙන් ජන බලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා