ලබන 24 වනදා පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සැමෝවා වලදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්​ම අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු මේ බව අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පවසා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ හේතුවෙන් මෙම සමුළුව සඳහා සහභාගී නොවීමට තීරණය වු බව ඔහු කියා සිටි අතර  එක්සත් රාජධානියේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ධුත මණ්ඩලයක් මේ සඳහා යැවීම​ට තීරණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා නව ලේකම්වරයෙකු පත් කිරීමක් සිදු වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.