“King of Pop” යන විරුදාවලිය ලත් හිටපු සුපිරි ගායක “මයිකල් ජැක්සන්”ගේ ජීවිත කතාව “Michael” නමින් සිනමාවට නැගීමට Lionsgate සමාගම සූදානම් වන බව හොලිවුඩයෙන් වාර්තා වනවා. King Arthur, Olympus Has Fallen, The Equalizer ඇතුළු හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ Antoine Fuqua ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ, මයිකල් ජැක්සන්ගේ චරිතය මයිකල් ජැක්සන්ගේ සහෝදරිය වන Jermaine Jackson ගේ පුත් Jaafar Jackson විසින් නිරූපණය කිරීමට නියමිතයි.
ජනප්‍රිය රොක් ගායක Freddie Mercury ගේ ජීවිත කථාව ඇසුරින් නිර්මාණය කළ ‘Bohemian Rhapsody’ චිත්‍රපටයේ නිශ්පාදක වරයා වූ Graham King විසින් මෙම චිත්‍රපටයේ නිශ්පාදනය කරන අතර, මෙහි නිෂ්පාදන කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත වනවා.