වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීම පිළිබදව පොල් සංවර්ධන අධිකාරිය අදහස් පලකර තිබෙනවා
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බැවින් වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා
මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්ය.
මෙරට පරිභෝජනය සඳහා ප්රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බවත් එබැවින් වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා